More

    පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලට බාලගිරි දෝෂය

    Must read

    පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් එකගතාවක් ඇති කරගැනීම සදහා ඊයේ පැවැති සාකච්ඡාව වාද විවාද මැද අවසන් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ළමුන් 200 ට අඩු පාසල් 5000 ක් ඉතා කඩිනමින් විවෘත කිරීම සදහා ප්‍රතිපත්තිමය වශයෙන් එකගතාවක් ඇති කරගත් බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා පවසා තිබුණද එය සැබෑව නොවන බවයි සාකච්ඡාවට සහභාගී වූ පාර්ශව සදහන් කර තිබෙන්නේ.

    පාසල් දරුවන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමෙන් පසුව පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව පෙන්වා දී ඇති සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර ඇත්තේ රජයේ අපේක්ෂාව අනුව එම එන්නත්කරණ වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකි වේදැයි යම් සැකයක් පවතින බවයි.

    රටේ වැඩිහිටි හා තරුණ පුරවැසියන්ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට මේ වන විටත හැක වී නැතැයිද පාසල් දරුවන්ට සම්පූර්ණ එන්නත ලබාදීමටද යම් කාලයක් ගතවන බවද ඔවුන් පෙන්වා දි තිබෙනවා. එබැවින් නොවැම්බර් මාසයට පෙර පාසල් විවෘත කිරීමට හැකියාවක් නොලැබෙන බවයි එම සාකච්ඡාවට එක්වූ සෞඛ්‍ය අංශ නියෝජිතයින් පෙන්වා දි ඇත්තේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව