More

    ලොහාන් අගමැති නියෝගවලටත් පිටුපායි.

    Must read

    බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යධූරයෙන් මෙන්ම, ස්වර්ණාභරණ හා ඒ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යධූරයෙන්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇතත්, ඒ කෙරෙහි ලොහාන් රත්වත්තේ මහතා නිසි සැලකිල්ලක් දක්වා නොමැති බවට තොරතුරු වාර්තා වනවා. ඔහු ඉල්ලා අස්වූයේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යධූරයෙන් පමණයි. කෙසේ වෙතත් ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යධූරයේ ඔහු අඛණ්ඩව කටයුතු කරන බව අද පෙරවරුව වන විටත් නිල හා නොනිල ලෙස වාර්තා වුණා.

    බීමතින් වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වෙත ඇතුළුවී සිරකරුවන්ට හා නිලධාරීන්ට තර්ජනය කිරීම, ගිනි අවි භාවිත කරමින් සිරකරුවන්ට මරණ තර්ජන එල්ල කිරීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වුණා.

    කෙසේ වෙතත් අගමැතිවරයා කර ඇති දැනුම්දීමට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ පුළුල් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම රත්වත්තේ මහතාද සිය හිතවතුන් සමග අද දහවල් සාකච්ඡා වට කිහිපයක් සිදු කර ඇති බවත්, අනෙක් අමාත්‍යධූරයෙන් ද ඉල්ලා අස්විය යතුද නැද්ද යන්න තීරණය කිරීම සදහා ඔහු මෙම සාකච්ඡා කොළඹදී හා මහනුවරදී පවත්වා ඇති බවත් විශෟවාසකටයුතු ආරංචි පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව