More

    අන්තවාදී ප්‍රහාරයක සැලසුමක් – ඥාණසාර හිමි ප්‍රකාශය ගැන කතෝලික සභාව පරීක්ෂණයක් ඉල්ලයි.

    Must read

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකර සත්‍ය අනාවරණ කරන්නැයි කතෝලික සභාව අද පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පසුගියදා ප්‍රසිද්ධ රූපවාහිනි සංවාද වැඩසටහනකට එක්වෙමින් කිසියම් මොහොතක තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට හෙළිදරව්වක් සිදුකළ බවත්, එම ප්‍රකාශය ඉතා බරපතල හා භීතිය ඇති කරවන කාරණයක් බවත් කතෝලික සභාව පෙන්වා දෙන කාරණයයි.

    කොළඹ අගරදගුරු නිල නිවසේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එම සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශය මත පදනම්ව වහාම පරීක්ෂණයක් සිදුකරන බවයි.

    එවැනි ප්‍රහාරයක් එල්ලවීමේ සූදානමක් පවතින්නේ නම්, එය වලක්වා ගැනීමටද පරීක්ෂණ සිදුකිරීම ඉතා වැදගත් වන බවද එතුමන් පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව