More

    පී.ඒච්.අයි. ට ගැසූ හිමියන් අගමැති උපදේශක තනතුරක් නොදරන බවට නිවේදනයක්.

    Must read

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමියන් අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොදරන බව අගමැති කාර්යාලය නිවේදනය කළා.

    කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදෙමින් කලහකාරී  ලෙස හැසිරුණු බව කියන පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් දරණ බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බවයි එහි දැක්වෙන්නේ.

    උන්වහන්සේ වර්තමානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක හෝ වෙනත් කිසිදු  තනතුරක්  නොදරන බවද සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය පරීක්ෂණ සිදුකරන බවද එම නිවේදනයේ දැක්වුණා.

    පසුගියදා සිදුව ඇති මෙම පහරදීමට භික්ෂූන් වහන්සේලා තුන්නමක් සම්බන්ධ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවැසුවේ. එමෙන්ම තමන් වහන්සේ අගමැතිවරයාගේ උපදේශකවරයෙකු බව  පවසා තර්ජනය කොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහදී ඇතැයිද එම සංගමය ඊයේ නිකුත් කළ ප්‍රකාශයේ දැක්වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව