More

    ලොහාන් අත්අඩංගුවට ගැනීමට පොලිසියේ අවදානය ?

    Must read

    බීමතින් සිය මිතුරන්ද සමග බන්ධනාගාර තුළට ඇතුළු වී අයුතු ලෙස කටයුතු කිරීම, ගිනි අවි පෙන්වා සිරකරුවන්ට තර්ජනය කිරීම, සිරමැදිරි තුළ රදවා සිටි සිරකරුවන් අනවසරයෙන් හා නීතිරීතිවලට පටහැනි ලෙස පිටතට ගැනීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගැනීම කෙරෙහි පොලිසියේ අවදානය යොමු වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාල පරීක්ෂණ සිදුකරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    මේ අතර මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ ප්‍රකාශ කර තිබුණේ ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත්, නීතිමය වශයෙන් පියවර ගැනීමට තම අමාත්‍යංශය සූදානම් බවයි. The Morning පුවත්පත වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු පවසා තිබුණේ බන්ධනාගාර තුළ ගිනි අවි භාවිතා කිරීම බරපතල වරදක් වන බවයි. එම කාරණයට අදාලව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් පවතින බවද සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව