More

    සමගියෙත් කචල්

    Must read

    ජනතතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට සමගි ජනබලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස ඉටුකරන කාර්යයභාරය ප්‍රමාණවත් නොවන බවට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවට භාජනය වෙමින් තිබෙනවා. ලොහාන් රත්වත්තේ මහතාගේ නොමනා හැසිරීම පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙකු විසින් අනාවරණ කළද එය අඛණඩ විරෝධතා මාලාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට අසමත් වී ඇති බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත මැසිවිලි ඉදිරිපත් වී තිබෙන්නේ.

    එමෙන්ම මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් පමණක් රටේ ප්‍රශ්න පිළිබද සාකච්ඡාවක් නිර්මාණය කළ නොහැකි බවද ඒ වෙනුවෙන් ජනතාව සමග එක්ව සිදුකරන පුළුල් ක්‍රියාධාමයකට අවතීර්ණ විය යුතු බවද සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රූපවාහිනිය ඔස්සේ පමණක් ජනමතයක් ඇති කළ හැකි බවට පක්ෂයේ ඇතැමුන් විශ්වාස කර සිටින බවයි.

    කොරෝනා තත්ත්වය හමුවේ ජනතාව ප්‍රශ්න හා ගැටළු රැසකට මැදිවී සිටින අතර, අසීමිත ලෙස මානසික පීඩාවකට පත්ව සිටින බවද පෙන්වා දෙන සමගි ජනබලවේගයේ බිම් මට්ටමේ නියෝජිතයින් වැඩිදුරටත් පවසන්නේ එම කාරණා සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක් ඇති කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය අසමත් වී ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව