More

    රනිල්ගෙන් යකඩ පාලම් යෝජනාවක්.

    Must read

    සමස්ථ දේශයම අදුරු අගාධයක් වෙත යොමු වී ඇති බවත්, එම තත්ත්වයෙන් මිදී රට දියුණු දිශාවක් වෙත යොමු කිරීමට නම්, දිගුකාලීන් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් වෙත අවතීර්ණ විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු යෝජනා කරන්නේ එම වැඩපිළිවෙල වසර 20 ක අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස සම්පාදනය කළ යුතු බවයි.

    පුද්ගලයින් මාරු වුවද එම වැඩපිළිවෙලේ ප්‍රතිපත්ති මාරු නොවන ආකාරයට ඒ සදහා නීතිමය පදනමක්ද ලබාදිය යුතු බව ඔහුගේ යෝජනාවයි. එය යකඩ පාලමක් මෙන් ශක්තිමත් විය යුතු බවටද ඔහු යෝජනා කළා.

    විස වසරක අඛණ්ඩ වැඩපිළිවෙලකින් අනතුරුව එළඹෙන සියවස් නිදහස් සැමැරුමේදී නිදහස් හා සංවර්ධිත රාජ්‍යයක උරුමය අත්පත්කර ගත හැකි වනු ඇති බවටයි රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පලකරන්නේ.

    එමෙන්ම අගමැති මූලික පාර්ලිමේන්තු ක්‍රමයක් කෙරෙහි ඇති විශෟවාසය නැවැත තහවුරු වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ අන්තර්ජාලය ඔස්සේ පැවැති තරුණ නියෝජිත සමුළුවකදීයී.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව