More

    වෙට්ටු මට්ටු මැද මුරුත්තෙට්ටු හිමිගෙන් අලුත් තට්ටුවක්.

    Must read

    මේක කිසි කමකට නැති ආණ්ඩුවක්. මිනිස්සු ගැන හිතන්නේ නෑ. එහෙම ආණ්ඩු මොකටද ? ජාතික සම්පත් විකුණන්න, මිනිස්සු පිඩාවට පත්කරන්න ආණ්ඩු අවශ්‍යයද ? මේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය දිනෙක සිය හිතවතුන් පිරිසක් සමග කී කතාවය.

    මේ ආණ්ඩුව හදන්න මං ගොඩක් දර දිය ඇද්දා, කැප වුණා. දිවා රෑ නොබලා වෙහෙසුනා. ඒ මට කිසිවක් ගන්න නෙමෙයි. රටට වැඩක් කරන්න සමාජය දියුණු කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසෙන්. ඒත් ඒ සේරම ගගට කැපූ ඉනි වගේ වුණා. කිසි වැඩක් නෑ. ඉස්සරහට යන්න හිතුවට යන්නේ පස්සට. අපි ඉක්මනින් විකල්පයකට යන්න අවශ්‍යයයි. උන්වහන්සේ මෙසේ ද පවසා තිබිණ.

    එමෙන්ම පසුගිය දිනෙක උන්වහන්සේ මාධ්‍ය හමුවක් කැදවමින් අවධාරණය කළේ මේක සෙල්ලම් ආණ්ඩුවක් බවය. ඒ වගේම ඒ සෙල්ලම හමුවේ රට විනාශය කරා යමින් තිබෙන බවද පැවැසූහ.

    මේ දෙස තවත් බලා සිටිය නොහැකි බවද පැවැසූ උන්වහන්සේ අවධාරණය කළේ විකල්පයක් වෙනුවෙන් පෙනී සිටින බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව