More

    සහනාධාර පොහොර හොර පාරෙන් වෙළදපොලට – මිටියක මිල 6000 පන්නයි.

    Must read

    රුපියල් කෝටි ගණනික් උපයන මහා පරිමාණ පොහොර ජාවාරමක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මෙම ජාවාරමට ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමැතිවරයාගේද සම්බන්ධයක් ඇති බවට ගොවීන් හා ඇතැම් නිලධාරීන් තමන්ට තොරතුරු ලබාදී ඇති බවයි ඔහු සදහන් කළේ.

    ගොවීන්ට රුපියල් 1500 ට ලබාදීමට වෙන්කරන පොහොර තොග වෙළදපොල වෙත යොමු කර මෙම ජාවාරම සිදුකරන බවත්, රුපියල් 1500 ක එම පොහොර මිටිය රුපියල් 6000 ක් වැනි ඉහළ මිලකට වෙළදපොලෙන් මිලදී ගැනීමට ගොවීන්ට සිදුව ඇති බවත් විද්‍යාරත්න මහතා පැවැසුවා.

    එම පොහොර තොග පිටින් ප්‍රවාහනය කරමින් සිටි රියදුරෙකු මේ වන විටත අත්අඩංගුවට ඇතැයිද පැවැසූ විද්‍යාරත්න මහතා පැවැසුවේ, ඔහුගෙන් ලබාගන්නා තොරතුරු මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග වෙත යොමුවන තත්ත්වයක්ද නිරීක්ෂණය නොවන බවයි.

    මෙම ජාවාරම සම්බන්ධයෙන් කරුණු සහිතව තොරතුරු අනාවරණ කළද රජය මුනිවත රකිමින් සිටි බවද දැන්වත් සැබෑව හෙළිකර ගොවි අයිතිය ආරක්ෂා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව