More

    ආණ්ඩුවෙන් චිත්‍රපටයක් – විමල්ට, ගම්මන්පිලට, වාසුට හා දයාසිරිට ප්‍රධාන චරිත හිමි වෙයි.

    Must read

    කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ කොටස් ඇමැරිකානු සමාගමකට පැවැරීමේ තීරණයට එරෙහිව රජයේම පාර්ශව විසින් දියත් කරන විරෝධතාව තවත් රැවටීමක් පමණක් වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ රජය රැකීමට රජයේම කොටස් සිනමා පටයක් රෑ ගත කරමින් සිටින බවයි. සූම් තාක්ෂණය ඔස්සේ පැවැති පාක්ෂික හමුවකදී ඔහු මේ බව පැවැසුවා.

    මේ අතර තවත් පාර්ශව රැසක් විසින්ද පෙන්වා දී ඇත්තේ විමල්, ගම්මන්පිල, වාසු, තිස්ස, දයාසිරි ඇතුළු පාර්ශව කිහිපයක් එක්ව දියත් කරන මෙම අරගලය විපක්ෂයේ විරෝධතා යටපත් කිරීම උදෙසා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වන බවයි.

    පාලිත රංගේබණ්ඩාර මහතා පවසන්නේ මෙම බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමට රජයට සිදුව ඇත්තේ ආර්ථික අර්බුද විසදා ගැනීමේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක වන බවයි. එබැවින් ඊට පූර්ණ වශයෙන් විරුද්ධ වීමට රජයේ පාර්ශවවලටද හැකියාවක් නොමැති බවද ඔහු පවසනවා. ඇමරිකානු ඩොලර් මිලියන 300 ක මෙම ගනුදෙණුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් හෝ ඊට ආසන්න අගයකට ගෙන ඒම රජයේ අපේක්ෂාව වී ඇතැයිද විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු රජයේ පාර්ශව මේ සිදුකරන්නේ එකී සැලසුමට පහසුකම් සැපයීම පමණක් බවද ඔහු පෙන්වා දෙන කාරණයයි.

    එමෙන්ම කෙරවලපිටිය ඇමරිකාවට දුන්නොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව කියමින් ජනතාවගේ අවදානය වෙනත් දිශාවක් වෙත යොමු කිරීම මෙම රංගනයේ අපේක්ෂාව වී ඇතැයිද තවදුරටත් මේවට රැවටෙනවාද යන්න ජනතාව විසින් තීන්දු කළ යුතු බවද ඔහු පැවැසුවා.

    මේ අතර ආණ්ඩුවේ පක්ෂ කිහිපයක නියෝජිතයින් අද කොළඹදී රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකර තිබුණා. වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ, විමල් වීරවංශ, දයාසිරි ජයසේකර පූජ්‍ය අතුරලියේ රතන හිමි න නියෝජිතයින් එම සාකච්ඡාවට එක්ව සිටි බවටයි තොරතුරු වාර්තා වුණේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව