More

    කබ්රාල්ට රෙදි අල්මාරියක්

    Must read

    කාවෝ කියන්නේ රෙදි කන ජාතියක්. ඉතිං කාවොන්ට රෙදි අල්මාරියක් දුන්නොත් කොහොම තියෙයිද ? අජිත් නිවාඩ් කබ්රාල්ට මහ බැංකුව බාර දීමත් අන්න ඒ වගේ සිදුවීමක් වන  යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා.

    මහ බැංකුව දේශපාලනීකරණය වීම බලවත් අනතුරකට හේතුවක් වන බවද පැවැසූ හෂීම් මහතා පෙන්වා දුනනේ සිම්බාබ්වේ වැනි රටවලින් ඊට උදාහරණ සපයා ගත හැකි බවයි. ශ්‍රී ලංකාවට ද එසේ නොවේවායි දෙවියන්ගෙන් ඉල්ලා සිටීමට සිදුව ඇතැයිද ඊට වඩා වෙනත් විකල්පයක් ඉතිරී වී නැතැයිද ඔහු ප්‍රකාශ කළා.

    මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය හමුවේ මස්ත බාල්දු රටක් නිර්මාණය වෙමින් පවතින බවද මෙම තත්ත්වය හමුවේ උග්‍ර ධනවතුන් පිරිසක් සහ උග්‍ර හිගන්නන් පිරිසක් පමණක් රට තුළ නිර්මාණය වීමේ වාතාරණයක් මේ වන විටත් ගොඩනැගෙමින් පවතින බවද කබීර් හෂීම් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව