More

    ඉදිරියේදී විදුලියත් නැති වෙන්න පුළුවන්

    Must read

    ලංකාවට විදුලියත් නැති වෙන්නයි යන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අගමැතිවරයා සමග අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවැසුවා. යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් ඇමරිකානු සමාගමක් වෙත ලබාදීමට පියවර ගැනීම තුළ මෙම අනතුරුදායක තත්ත්වය ඇති විය හැකි බවයි ඔහු පැවැසුවා.

    යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමක් වෙත පැවැරීමට එරෙහිවීමත් සමග ආණ්ඩුව අභ්‍යන්තරයේ පැනනැගී ඇති ගැටළු විසදීම සදහායි හවුල්කාර පක්ෂවල නායකයින් අද අරලියගහ මන්දිරයට කැදවා තිබුණේ. එම සාකච්ඡාවද විසදුමකින් තොරව අවසන් වී තිබුණා.

    එමෙන්ම පක්ෂ නියෝජිතයින් පැවැසුවේ ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කර මෙම ගැටළුවට විසදුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

    මෙහිදී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ කිසියම් විධියකින් ඇමරිකානු සමාගම අදාල ගිවිසුමට අනුව විදුලිය දීම නවතා දැමුවොත් රජයට කිසිදු විකල්පයක් නොමැති බවයි. එසේ වුවහොත් රට දැවැන්ත අර්බුදයක් වෙත යොමුවන බවද එවැනි විනාශයකට අත ඉස්සීමට සූදානම් නැතැයිද ඔහු අවධාරණය කළා.

    එමෙන්ම වාසුදේව නානායක්කාර මහතා පැවැසුවේ ගිවිසුමකට අත්සන් තැබූවත් එය අවලංගු කිරීම අපහසු නොවන බවයි. ගිවිසුමට වඩා තම පාර්ශවයේ බලය ප්‍රබල බවද වාසුදේව මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව