More

    නූලෙන් වැලකුණු කෝටි හයේ වංචාව.

    Must read

    රජයට රුපියල් කෝටි හයකට අධික අලාභයක් සිදු කරමින් විකිණීමට සූදානම් වන බවට චෝදනා එල්ල වූ දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කල යකඩ මෙට්‍රික් ටොන් තුන් දහසක් (3000) සඳහා වන ටෙන්ඩරය නැවත කැඳවීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග සඳහන් කළේ මෙම ගනුදෙනුව රජයට වාසිදායක වන ආකාරයට සිදු කළ යුතු බැවින් අදාල ටෙන්ඩරය නැවත ප්‍රසිද්ධ දැන්වීම් පළ කර කැඳවන ලෙසට දැනුම් දුන් බවයි.

    අඩු ලංසුවක් තැබූ මෙරට ප්‍රධාන පෙළේ යකඩ සමාගමකට එම යකඩ ‌තොගය විකිණීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පිරිසක් අත යට ගනුදෙනුවකට සූදානම් වන බවට දුම්රිය වෘත්තිය සමිති සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ ඇතුළු දුම්රිය වෘත්තීය සමිති චෝදනා කළා. මෙලෙස එල්ල වූ චෝදනා හේතුවෙන් එවකට ප්‍රවාහන අමාත්‍යවරයා ව සිටි ගාමිණී ලොකුගේ අදාල ටෙන්ඩරය අත්හිටුවීමට නියෝග කලා.

    කෙසේ වෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව සිදු වූ ඇමති මාරු වීම් හේතුවෙන් එම තීරණය යට ගැසී නැවතත් අදාල වංචනික ගනු ගනුදෙනුව සිදු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් පියවර ගත්තේ. කෙසේ වෙතත් මෙම වංචනික ක්‍රියාවට දිගින් දිගටම දුම්රිය වෘත්තීය සමිති එරෙහිවීම හේතුවෙන් මේ වන විට අදාළ ගනුදෙනුව නැවතී තිබෙනවා.

    මේ වනවිට අබලි යකඩ කිලෝවක වෙළෙඳපොළ සාමාන්‍ය වටිනාකම දැක්වෙන්නේ කිලෝවක් රුපියල් සියයක ලෙසයි. මීට මාස හයකට පමණ පෙර මෙම ටෙන්ඩරය කැඳවූ අවස්ථාවේදී එක් සමාගමක් විසින් අදාල අබලි යකඩ මෙට්‍රික් ටොන් 3000ක් සඳහා කිලෝවකට රුපියල් 65 ක් වනසේ ලංසු තබා තිබුණා. එම සමාගමට අදාළ අබලි යකඩ තොගය අලෙවි කළේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාගත හැකිව තිබූ ආදායම රුපියල් කෝටි 19ක්.

    නමුත් දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් කිහිප පළකගේ ආශිර්වාදය ලත් අදාල ප්‍රධාන පෙළේ යකඩ සමාගම මෙම අබලි යකඩ තොගයට ලංසු තබා තිබුණේ කිලෝවකට රුපියල් 45.00ක් වන ලෙසයි. ඒ අනුව අදාළ ගනුදෙනුව සිදුවුයේ නම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන අලාභය රුපියල් කෝටි 6 කට අධික බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව