More

    කිරිපිටි 200 න් – තවත් භාණ්ඩ රැසක මිල ඉහළට.

    Must read

    කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 න් වැඩි කිරීමට ජිවන වියදම් කමිටුවේදී අනුමැතිය හිමි වී තිබෙනවා. එමෙන්ම සිමෙන්ති, හාල්, තිරිගුපිටි, ගෑස් ඇතුළු තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල වැඩි කිරීමට කර තිබූ ඉල්ලීම් අද පැවැති ජීවන වියදම් කමිටු රැස්විමේදී සාකච්ඡාවට ගෙන ඇති අතර, එම භාණ්ඩවල මිල ගණන්ද විවිධ පරාසයන්ගෙන් හා ජාත්‍යන්තර වෙළදපොලේ පවතින තත්ත්වයන්ට අනුව සංශෝධනය කිරීමට තීරණය කළ බවයි එම කමිටුවේ නියෝජිතයෙකු පැවැසුවේ.

    මෙම යෝජනා ලබන සතියේ රැස්වන කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව භාණ්ඩ මිල ඉහළ දැමෙන ආකාරය හා නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව