More

    බැක්ටීරියා වසංගතයක් ?

    Must read

    රසායනික පොහොර මෙරටට ආනයනය නොකිරීමට රජය ගත් ක්‍රියාමාර්ග මගින් පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු වන නමුදු ප්‍රමිතියක් නොමැති කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමග පාරිභෝගික අයිතීන් කඩවීමට ඉඩ ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.එහි සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ ප්‍රමිතියක් නොමැති කාබනික පොහොර මෙට්රික් ටොන් 99000 ක් මෙරටට ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇති බවයි. එම ක්‍රියාව තරයේ හෙළා දකින බවද ඔහු අවධාරණය කළා.

    පොහොර සමාගම් දෙක මගින් මෙරට ප්‍රබල දේශපාලකයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ සහෝදරයකු විසින් මෙහෙය වන සමාගමක් හරහා මෙම කාබනික පොහොර තොගය මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති අතර එම පොහොර තොගය නියදි පරීක්ෂණයේදී අසමත්ව වී ඇති බවද ඔහු පෙන්වා දෙන තවත් කාරණයක්.

    නියදි අසමත් හා එම පොහොර තොගය ලංකාවට ආනයනය කළහොත් මෙරට පසට ශාක වලට හා මිනිස් සිරුරට අහිතකරවන බව විද්වතුන් විසින් මත පළකර තිබියදී ලංකාවට එම පොහාර තොගය ආනයනය කිරීමට කටයුතු සූදානම් කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

    එබැවින් අදාල පොහොර තොගය මෙරටට ආනයනය කිරීම තහනම් කරමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට  රංජිත්ට විතානගේ මහතා කටයුතු කරමින් සිටින අතර, ඒ සදහා සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 461 ක වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නීතීඥ හා ප්‍රසිද්ධ නොතාරිස්  ප්‍රසන්න  ලියනආරච්ච්ගේ මහතා මාර්ගයෙන් නිවේදනයක් ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව