More

    ජනාධිපතිතුමනි, දැන් නම් හොදටම ඇති ?

    Must read

    ගරු ජනාධිපති තුමනි දැන් නම් හොදටම ඇති ! ලංකාවේ තරුණ තරුණියන්ගේ මතය ගැන ඔබ තුමා සොයා බලා නෑ. ජනාධිපති වටේ ඉන්නේ අවුරුදු 70 ට වැඩි අය. මේ ප්‍රශ්න දැනෙන්නේ නෑ කියන එක පුදුමයි යැයි මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පැවැසුවා. ඇය මේ බව කියා සිටියේ කලුබෝවිලදී මාධ්‍ය හමුවක් කැදවවමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මෙසේද පැවැසීය,

    මේ රටේ ධනවත්තු ඉන්නේ 2% යි. ඒ අය බිහිවුනේ මේ රටේ ජනතාවගේ සල්ලි සූරාකාලයි. සැමට පොදු අධ්‍යාපනයක් තිබුනු රටක් අද වෙනම තැනකට අරගෙන යනවා. මේ ප්‍රශ්න මේ ජනාධිපතිට පේන්නේ නැද්ද? පැරණි රජවරු රට පුරා ඇවිදලා ජනතාවගේ ප්‍රශ්න බැලුවා. ඒත් අද ඒවා නෑ.

    දැන් පිටරටට ගිහින් තමන්ගේ පෞරුෂය පෙන්වන්න හදනවා. නමුත් රටේ ජාතික සම්පත් බලාගාර පිරටට විකුණලා පෞරුෂය පෙන්වලා වැඩක් නෑ. මේ දේවල් උදුරා ගන්නේ ඇමරිකාවයි. සුනාමි කාලයේ ඇමරිකාවෙන් බයිසිකල් 24000 ක් ලබා දීලා, මම දැන් අහනවා ඒවා ජනතාවට ලැබුනද කියලා.

    දැන් ඇමරිකාව බලාගාරය අරගෙන. මේ දේවල් කරන ඇමතිවරුන්ට නම් සත පහක මොලයක් නැහැ. මේ කරන්නේ මේ රටේ අනාගතය වල පල්ලට යැවීමක්. දැන් ලෝකය විදුලිය නිෂ්පාදනය කරන්නේ ගෑස් වලින් නොවෙයි. නැනෝ හා සුලංවලින් , වතුරේ රැලි වලින්. කොහේ හරි තියන ගෑස් ගෙනත් අපේ රටේ ජනතාවගේ විදුලි මීටරයෙනුත් සල්ලි ගරන්න මේ හදන්නේ.

    ඇමරිකන් තානාපති කාර්‍යාලයෙන් මම අහනවා. ඔබතුමන්ලා මේ ලබා දෙන සල්ලි ලබා දෙන්නේ මේ රට ගිල දමන්න නොවේ දැයි කියා.  බොහෝ රටවල් කියනවා මෙච්චරයක් සල්ලියක් මේ ජනාධිපතිට මේ අගමැතිට දුන්නා කියලා. ඒවාට වෙච්ච දෙයක් නැහැ.

    දැන් මේ රටේ ජනතාවට විදුලි බිලෙන් ඇමරිකාවට සල්ලි ගෙවන්න වෙනවා. හැම දේකින්ම තවත් රටකට ගෙවන්න වෙනවා. මේක ගෙවන්නම ඉපදිච්ච ජීවිතයක්. වැරදි කරන දේශපාලකයන් හරි යැයි මම කියන්නේ නෑ. ජනාධිපති මේ විකුණන්නේ අපේ දරුවන්ට හිමි විය යුතු මුදලයි. මේකට ආයෝජනය කරන්න ලංකාවේ මිනිස්සුන්ට ඉඩ නොදුන්නේ ඇයි.? මේ රට අයිති මේ රටේ ජනතාවටයි.

    මේරට විකුණන්න උත්සාහ කරනවා නම් මේකට වන්දි ගෙවන්න සිදු වෙයි.  අද මිනිස්සුන්ට ගෑස් ටිකක්, පිටි පැකට් එකක් ගන්න තැනක් නෑ. රජය කියන්නේ දෙවේලක් කන්න කියලයි. මේ හදන්නේ මේ රට වට්ටනයි. ජනතාව මේ රජය ගෙනාවේ මේ රට වට්ටන්න නෙවෙයි. නග්ගන්න බව සිහිතබා ගත යුතුයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව