More

    ජාතික රූපවාහිනියටත් අහේනිය.

    Must read

    ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථා සේවකයින්ට නිසි පරිදි වැටුප් ගෙවිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට තොරතුරු වාර්තා වනවා. එහි සේවක ප්‍රජාව පෙන්වා දෙන්නේ සැප්තැම්බර් මාසයට අදාල වැටුප් ගෙවීමට පාලනාධිකාරිය අපොහොසත් වී ඇති බවයි.

    ඉහළ නිලධාරීන්ගේ දුර්වල පරිපාලනය මේ තත්ත්වයට හේතුව බවද මේ තත්ත්වය තුළ සේවකයින් 800 ට ආසන්න පිරිසක් බලවත් පීඩාවකට පත්ව සිටින බවද රූපවාහිනි සංස්ථා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

    ඔවුන් මේ සම්බන්ධයෙන් රූපවාහිනි සංස්ථාවේ පාලනාධිකාරිය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලිඛිතව දැනුම්වත් කිරීමටද පියවර ගෙන ඇති අතර, එම ලිපියේ දැක්වෙන්නේ, නිසි කළමනාකාරීත්වයක් නොමැති වීම හේතුවෙන් ප්‍රමුඛතම ජාතික මාධ්‍ය ආයතනය බංකොලොත්භාවයට පත්වෙමින් පවතින බවයි.

    රූපවාහිනි සංස්ථා වෘත්තීය සමිති එකමුතුව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඉහළ නිලධාරීන් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකළ ලිපිය පහතින් දැක්වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව