More

    නිදහස් පක්ෂය බැසිල් මගහැර යයි.

    Must read

    යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමක් වෙත ලබාදී‌මේ තීරණයත් සමග ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයන් විසදා ගැනීම සදහා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් මගහැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් පියවර ගෙන තිබෙනවා. ඊයේ මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයී.

    සාකච්ඡාව ආරම්භ වීමට සුළු මොහොතක් තිබියදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවස වෙත පැමිණ තිබුණේ නැහැ. සාකච්ඡාවට නොපැමිණෙන්නේදැයි හිටපු ජනාධිපතිවරයා සිය නියෝජිතයින්ට දුරකත ඇමැතුම් ලබාදෙමින් විමසා තිබෙනවා. එහිදී විවිධ හේතු දක්වමින් සාකච්ඡාවට නොපැමිණෙන බව ඔවුන් සැලකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා දැනුම්වත් කිරීමටද මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර‌ ගෙන ඇති අතර, අනතුරුව සාකච්ඡාන අවලංගු කර තිබෙනවා. දැන ගැනීමට ලැබෙන තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් හිතා මතාම මෙම සාකච්ඡාව මගහැර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම මෙය සැලසුමකට අනුව සිදුව ඇති බවද යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටළුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර විසදුමක් ලබාගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇති බවද දේශපාලන ආරංචි පැවැසුවා.  

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව