More

    කොරෝනා පියාඹයි – තත්ත්වය භයානකයි.

    Must read

    වාතයේ පාවෙන තරමට කොරෝනා නව ප්‍ර‌බේද ප්‍රබල වෙමින් තිබෙන බව පර්යේෂකයින් පවසනවා. ඉදිරියේදී පාවෙන වෛරස් ප්‍රබේද නිර්මාණය විය හැකි බවත්, මේ වන විටද එවැනි ප්‍රබේද නිර්මාණය වී ඇති බවත් එම පර්යේෂණවලදී අනාවරණ වී තිබෙන කාරණයයි. ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බොල්ටිමෝර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදුකළ අධ්‍යයනයකදී මේ බව අනාවරණ වී තිබෙනවා. වෛරසයද නිරන්තරයෙන් පරිණාමය වන අතර, එම වෙනස්වීම කොරෝනා වෛරසය ඉතා වේගයෙන් සිදුකරන බවත්, එන්නත් නිෂ්පාදනය වැනි කාරණාද බරපතල අභියෝගයක් බවට පත්වෙමින් පවතින බවත් ඔවුන් පෙන්වා දී ඇති තවත් කාරණයක්.

    එන්නත් නිෂ්පානයට සමාන ලෙස අදාල එන්නතට ප්‍රබලව ප්‍රතිචාර දැක්විය හැකි ආකාරයට කොරෝනා වෛරසය වෙනස්වන අතර, මෙය වසංගතය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු විය හැකියි. මේ තත්ත්වය තුළ වෛරසය ඉතා සැහැල්ලු වෛරසයක් බවට පත්ව එය වාතය හරහා පියාඹන තත්ත්වයකට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතින බවද එසේ වුවහොත් දැවැන්ත ගෝලීය අර්බුදයක් නිර්මාණය කරනු ඇති බවද එම පර්යේෂකයින් අනතුරු අගවා තිබෙනවා.  ‘

    ඒ අනුව ඉදිරි කාලයේදී මීටරයක දුර පවත්වාගැනීම, මුව ආවරණ පැලදීම, ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම, අත්සේදීම වැනි ආරක්ෂිත පියවරයන් රෝගයෙන් බේරීමට ප්‍රමාණවත් නොවනු ඇතැයිද ඒ වෙනුවෙන් නව වැඩපිළිවෙලක් හදුන්වාදීමට සිදුවනු ඇති බවද එම පර්යේෂකයින්ගේ නිගමනයයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව