More

    වියදමටත් ආදායම් නෑ – ආර්ථික අර්බුදය මැද කෝටි තුන් ලක්ෂයක් ණයට ගැනීමට යයි.

    Must read

    2022 වසර සදහා අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට සිදුව ඇතැයි රජය පවසනවා. ලබන වසර සදහා වූ අයවැය ලේඛණය අද අමාත්‍ය මණ්ඩලට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම අයවැය හිගය පියවා ගැනීම සදහා ණය ලබාගැනීමේ යෝජනාවක්ද ඊට ඇතුලත් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාරසියයක් පමණ වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, රජයේ වියදමට වඩා ආදායම අඩු වීම හමුවේ යම් ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ ලකුණුද පෙන්නුම් කරනනවා.

    ලබන වසරේ සමස්ත පුනරාවර්තන වියදම රුපියල් කෝටි දෙලක්ෂ අසූ හත් දහස් අටසියයක් ලෙසද ප්‍රාග්ධන වියදම රුපියල් රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන්දහසක් ලෙසද රජය ඇස්තමේන්තු කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව