More

    සීතල වතුර රත්වෙලා නටන්නත් පුළුවන්.

    Must read

    වතුර කිසියම් වෙලාවක රත්වෙලා නටන්න පුළුවන් යැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. රූපවාහිනි ප්‍රවෘත්ති වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ වර්තමාන රජය තමා ඇතුළු සෙසු හවුල්කාර පක්ෂවල හඩට සවන් නොදෙන්නේ නම්, වතුර නැටුවා හා සමාන තත්ත්වයක් ඇති වීමටද ඉඩ ඇති බවයි.

    යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවැරීමේ තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකහෙලා විරුද්ධ බවද ඔහු අවධාරණය කළා. එමෙන්ම හවුල්කාර පක්ෂවලට ආණ්ඩුව තුළ පවතින බලය හීන වී ඇතැයිද තම පක්ෂ විසින් පෙන්වා දෙන කරුණු මගහැර යමින් කටයුතු කරන තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවැසුවා.

    කුමක් සිදුවන්නේ ද යන්න මේ මොහොතේ පැවැසිය නොහැකි බවද පැවැසූ වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කළේ වතුර රත් වූ විට නටන බව පමණක් මේ මොහොතේ පැවැසිය හැකි එකම කාරණය වන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව