More

    බඩු හිගය උග්‍රවෙයි – මිල වැඩිවීම අද මැදියමේ සිට ?

    Must read

    භාණ්ඩ මිල ගණන් ඉහළ දැමීමේ රජයේ තීරණ ප්‍රකාශයට පත්වීමට නියමිත බැවින් වෙළදපොලේ උග්‍ර භාණ්ඩ හිගයක් නිර්මාණය වී තිබෙනවා. ව්‍යාපාරික වාර්තා පෙන්වා දෙන්නේ මෙය හිතා මතාම සිදුකරන තත්ත්වයක් බවයි. මිල වැඩි වීමට නියමිත බැවින් භාණ්ඩ සගවා තැබීමට තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින්ද කටයුතු කර තිබෙනවා. එමෙන්ම මහා පරිමාණ බෙදා හරින්නන් මෙන්ම ඇතැම් කර්මාන්ත ශාලා විසින්ද තොග සැගවීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    ගෑස්, කිරිපිටි, සිමෙන්ති, හාල්, පිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක් වෙළදපොලේ නොමැති බවත්, භාණ්ඩ මිලදී ගැනීම සදහා වෙළදසැල් අතර දිගු පෝලිම් දක්නට ලැබෙන බවත් අප වාර්තාකරුවන් පැවැසුවා.

    මේ අතර ගෑස්, කිරිපිටි, සිමෙන්ති, හාල්, පිටි ඇතුළු භාණ්ඩ රැසක මිල වැඩි කිරීමේ තීරණය අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගැනීමටද නියමිතයි.

    ගෑස් කිලෝ 12 ක සිලින්ඩරය රුපියල් 550 න්ද කිරිපිටි කිලෝව රුපියල් 200 න්ද සිමෙන්ති මිටිය රුපියල් 50 න්ද පිටි කිලෝව රුපියල් 10 න්ද ඉහළ දැමීමටයි ජීවන වියදම් පිළිබද කමිටුව අනුමැතිය ලබාදී තිබෙන්නේ. එම තීරණ කැබිනට් මණ්ඩලයේදී අනුමත වීමෙන් අනතුරුව අද මැදියම් රැයේ සිට හෝ එකී මිල ගණන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව