More

    ජී.එස්.පී අහිමි වෙයිද ? විශේෂ සොයා බැලීමකට නියෝජිතයින් පැමිණෙයි.

    Must read

    ජීඑස්පී ප්ලස් සහනය ලබාදීම සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදුකිරීම සදහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. ශ‍්‍රී ලංකාවේ පවතින තත්ත්වයන් පුළුල්ව විමසා බැලීමට ඔවුන් සූදානමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    ශ‍්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂණය, යහපාලනය වැනි තත්ත්වයන් ඔවුන්ගේ නිරීක්ෂණයට භාජනය වනු ඇති. එමෙන්ම ඔවුන් ලබාදෙන නිර්දේශයන් මත ශ‍්‍රී ලංකාවට ජීඑස්පී සහනය ලබාදීම හෝ නොදීම තීරණය කෙරෙනු ඇතැයිද මාධ්‍ය වාර්තා කරනවා.

    ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳද මෙහිදී විශේෂ විමසා බැලීමක් සිදුකරන බවත්, යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබෙනවා. ජීඑස්පී ප්ලස් සහනය තවදුරටත් ලබාදීමට නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙස යුරෝපා සංගමය මීට පෙර සිට යෝජනා කර තිබූ අතර, මිනිස් අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම් සහ පාරිසරික සුරක්ෂිතතා සදහා විධීමත් ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ විය යුතු බවටද නිර්දේශ ලබාදී තිබෙනවා.

    ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විවිධ සංවිධාන 11 ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් පූර්ණ විමසා බැලීමක් සිදුකිරීමට සිදුව ඇති බවද පෙන්වා දෙන යුරෝපා සංගමය අවධාරණය කර ඇත්තේ, මෙම පනත වහාම ඉවත් කළයුතු බවයි.  

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව