More

    දේශපාලනය රත්කළ සහරාන්ගේ මදර් බෝඩ් එක.

    Must read

    අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් යන අයගේ ජංගම දුරකථනයේ මදර් බෝඩ් එක විදෙස් රටක ඔත්තු සේවාවකට රැගෙන යාමට අණ දුන් පුද්ගලයින් කවුදැයි හෙළිකර ගතහොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරගැනීම වඩාත් පහසු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ කළ ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රය තුළ බලවත් කථිකාවක් නිර්මාණය කිරීමට හේතු වී තිබෙනවා. සහරාන්ගේ දුරකතනයක් ගැන හෝ එහි අන්තර්ගත කොටසක් පිළිබද හෝ සාමාන්‍ය ජනතාව නොදැන සිටි මොහොතකයි දයාසිරි ජයසේකර විසින් එම ප්‍රකාශය සිදුකළේ. එවැන්නක් විදේශිය රටකට යොමු කර ඇති බවක් හෝ සමාජය දැන සිටියේ නැහැ.

    දේශපාලන වශයෙන් පහර දිය හැකි අය සම්බන්ධයෙන් පමණක් කතා කිරීමට අප්‍රේල් 21 ප්‍රහාරය උපයෝගී කරගන්නා බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බුද්ධි අංශ නිලධාරීන් ඊට මැදි කිරීම එහි අරමුණ විය හැකි බවද දයාසිරි ජයසේකර මහතා පවසා තිබුණා.

    ඔහු පෙන්වා දුන්නේ, සහරාන්ගේ දුරකථනයේ මදර් බෝඩ් එක ගත්තේ කවුද යන්න ගැන කිසිවෙක් කතා නොකරන බවයි. එය වෙනත් රටකට රැගෙන යාමේ ක්‍රියාවලියට පොලිසිය විරෝධය පලකර ඇති බවටද ඔහු හෙළිදරව්වක් කළා.

    ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් දුරකතනය කොහේ හෝ රටක ඔත්තු සේවාවක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සහ එයට අණදුන් දේශපාලනඥයින් සොයා බැලුවහොත් බොහෝ දේ අනාවරණ කරගත හැකි යැයිද දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළ කාරණයයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව