More

    මෛත්‍රීගේ ගල්කොරියකට රෝෂාන් ගින්නක් අවුලයි.

    Must read

    පූජනීය පරාක්‍රම සමුද්‍රයේ ඉහැත්තෑවේ ඇති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පවුලට අයත් ගල්කොරිය වහාම ඉවත් කරගන්නැයි, රොෂාන් රණසිංහ ඇමැතිවරයා පසුගියදා අභියෝග කළා. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතින් ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ක්‍රියාවලිය මත පදනම්ව නිර්මාණය වී ඇති ‌ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් රෝෂාන් රණසිංහ ඇමැතිවරයා මේ බව පැවැසුවා.

    එමෙන්ම මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විවිධ තත්ත්වයන්ට මුවාවී සිදුකර ඇති ක්‍රියාවන් සම්බන්දයෙන් කතා කිරීමට තමන් අකමැති වුවද මේ මොහොතේ සංවර්ධන ක්‍රියාවලියට එරෙහින කරන චෝදනා හේතුවෙන් තමන්ට ඉවසා සිටිය නොහැකි බවද රණසිංහ මහතා පැවැසුවා.

    එමෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍ර්‍රයාගේ නිවසද අරලිය හෝටලයද වැව් තාවුල්ලේ ඉදිකර ඇති බවත්, එම ඉදිකිරීම් සදහා වැව්තාවුල්ල අත්පත් කරගත්තේ කුමන පදනමකින්ද යන්න ද ඔහු ප්‍රශ්න කරන කාරණයයි.

    පරාක්‍රම සමුුුුද්‍රය පූජනීය යැයි කියමින් පාරම්බාන හිටපු ජනාධිපතිවරයා ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හකුලා දැමීමට උත්සාහ කරන බවත්, වැවට හානිදායක ආකාරයේ පුද්ගලික ඉදිකිරීම් සිදුකරමින් ඊට ‌විනාශයක් සිදුකර ඇත්තේද මෛත්‍රිපාල සිරිසේන විසින් බවද ඔහු පැවැසුවා. එබැවින් ඇවිදින මංතීරු ව්‍යාපෘතියට එරෙහි වීමෙන් වැලකී වැවට හානිදායක ගල්කොරියද පුතාගේ නිවසද සහෝදරයාගේ ‌අරලිය හෝටලයද වහාම ඉවත්කරමින් වැවේ ආරක්ෂාව හා පූජනීයත්වය තහවුරු කරන ලෙස රෝෂාන් රණසිංහ ඇමැතිවරයා අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව