More

    ජාතික ආරක්ෂාවට බිලියන 18 ක් – අමාත්‍යංශ රැසකට කප්පාදුවක් – අයවැයේ රහස් පිටවෙයි.

    Must read

    2022 වසරේ රජයේ වියදම් රුපියල් කෝටි තුන් දහස් තුන් සියයකින් පමණ අඩුවන පරිදි කටයුතු සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි පවසනවා. ජනාධිපති ඇතුළු වැය ශිර්ෂ අඩුකරමින් අයවැය සම්පාදනය කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

    ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැඩිම මුදලක් වෙන්කර ඇති අතර, ආරක්ෂක වැය ශීර්ෂය රුපියල් බිලියන 18 න් ඉහළ දමා ඇති බවද රජයේ ආරංචි පවසනවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් වෙන්කර ඇත්තේ මිලියන 2.78ක් පමණයි. එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 6.6 ක කප්පාදුවක් ලෙසයි දැක්වෙන්නේ.

    රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට බිලියන 286.7ක් ද මහා මාර්ග මහාමාර්ග අමාත්‍යාංශයට බිලියන250 ක්ද වෙන්කර ඇති බව දැනගන්නට ලැබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් 2022 වසර සදහා රුපියල්ය බිලියන 127.6ක් වෙන්කර තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇත්තේ බිලියන 153.5ක මුදලක්. එය මෙම වසරට සාපේක්ෂව බිලියන හයක අඩුකිරීමක් ලෙස දැක්විය හැකියි.

    2022 වසර සදහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස ගණනය කර ඇති බවත්, ඉන් බිලියන 1776ක් පුනරාවර්තන වියදම් සඳහා වෙන්කරන බවත් රජයේ ආරංචි පැවැසුවා.

    2022 වසර සදහා වන අයවැය ලේඛණය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව