More

    නිරූපමා ගැන පරීක්ෂණ සිදුකරන්නැයි ගම්මන්පිල ඉල්ලයි.

    Must read

    ”මට ආරංචි විදිහට විශ්‍රාමික දේශපාලනඥයෙකුගේ තමයි නම තියෙනවා කියන්නේ, ව්‍යාපාරික පවුලකට සම්බන්ධ ඒ ඇරුණුකොට මා දන්නා තරමින් වෙනත් දේශපාලනඥයෙකුගේ නම් නෑ.. නම් ගැන කතා කිරීම නොවෙයි වැදගත් වෙන්නේ, මේ අය සම්බන්ධයෙන් අයුතු ලෙස දේපළ ඉපයීමක් සිදු කර ඇත්දැයි වහාම අල්ලස් හෝ දූෂණ කොමිසම සොයා බැලීමක් කළ යුතුයි”

    මේ අද පැවැති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල ඇමැතිවරයා දැක්වූ අදහසකි. Pandora Papers මගින් කර ඇති හෙළිදරව් කිරීම්වලට අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා අයථා ලෙස මුදල් උපයා ඇති බවට වූ චෝදනාව සම්බන්දයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය සිදුකළා.

    ඔහු පෙන්වා දුන්නේ දේශපාලනයේ නිරතව සිටින කිසිවෙකුගේ නම් එම පත්‍රිකාවට ඇතුලත්ව නොමැති බවයි. එසේ වුවද කිසියම් හෝ අයෙකු අයථා ලෙස මුදල් උපයා ඇත්නනම් ඒ සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක නීතිය යටතේ විමර්ශණ සිදුකළ යුතු බව ඔහු අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව