More

    විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පිරිසකටත් බඩගින්න දැනෙයි.

    Must read

    ජීවන වියදම ඉහළ යාම හමුවේ ඇති වී තිබෙන පීඩාකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජය දැනුම්වත් කිරීමටත්, එවැනි තත්ත්වයක් ඇති වීමට හේතු කාරණා විමසීමටත්, තත්ත්වට දුරු කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ තීරණය කර තිබෙනවා.

    කිරීපිටි හිගය, ගෑස් මිල වැඩිවීමේ අවදානම, හාල් මිල, සීනි ඇතුළු සෙසු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ යාමේ තත්ත්වය, කොරෝනා වාතාවරණය හමුවේ ජනජීවිතයට ඇති වී ඇති බලපෑම් ඇතුළු කාරණා රැසක් සම්බන්ධයෙන් ඔවුන්ගේ අවදානය යොමු වී තිබෙනවා.

    පාලනය කළ තත්ත්වයන් තිබියදී ඒ කෙරෙහි නිසි සැලකිල්ල නොදැක්වීම තුළ ජනතාව සිත් රිදීම් සහිතව ආණ්ඩුවට චෝදනා කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි උදය ගම්මන්පිල ඇමැතිවරයා පැවැසුවේ.

    මේ අතර යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවැරීම හා ඒ මත ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන්ද ඔවුන් පුළුල්ව සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.

    අද සවස ආරම්භ වීමට නියමිත විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන්ගේ අවදානය යොමු කරන බවයි එම දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව