More

    පැන්ඩෝරා අනාවරණ හමුවේ නිරූපමා රට පැන්නේ ඇයි ?

    Must read

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරුපමා රාපපක්ෂ මහත්මිය හදිසියේම ලන්ඩන් නගරයට පිටත්ව ගොස් තිබෙනවා. පැන්ඩෝරා පත්‍රිකා මගින් සිදුකළ මූල්‍ය ඉපැයීම් පිළිබද අනාවරණය සිදුවන අවස්ථාවේ ඇය රැදී සිටියේ ශ්‍රී ලංකාවේයී.

    ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් පැන්ඩෝරා අනාවරණය ප්‍රතික්ෂේප කළා. එමෙන්ම ඒ පිළිබද පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන්දො ඉල්ලා සිටි අතර, ඊට අදාලව අල්ලස් කොමිෂමට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට ද ඔහු ඊයේ පියවර ගෙන තිබුණා.

    කට උත්තර දෙන්නට තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිෂමට පැමිණියද ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට මාධ්‍ය වෙත අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ සදහා පැවැති සෑම අවස්ථාවක්ම අවහිර කිරීමට පොලිසිය කටයුතු යොදා තිබුණා. ඒ අනුව මාධ්‍යවේදීන්ට සිදුවූයේ ආවරණ සහිතව ඔහුගේ පැමිණීම හා පිටවීම පටගත කිරීමට පමණයි.

    කෙසේ වෙතත් තිරූ – නිරූපමා පවුලේ අය ඉහළ මට්ටමේ ධනවතුන් ලෙස සැලකෙනවා. රටරටවල් වල ව්‍යාපාර බැංකු ගිණුම් ඇති ඔවුන් සතුවන අතර, ඔවුන්ට රටකින් රටකට ගමන් කිරීම සාමාන්‍ය හා පහසු කටයුත්තක්.

    කෙසේ වෙතත් නිරූපමා රාජපක්ෂ රටින් හදිසියේ පිටව යාම ප්‍රශ්නයෙන් පැනයාමට උත්සාහ කිරීමක් ලෙසයි සැලකෙන්නේ. පැන්ඩෝරා හෙළිදරව්ව සම්බන්දයෙන් පරීක්ෂන හා සංවාද සිදුවන පසුබිමක ඇගේ පලායාම කෙරෙහි අවදානය යොමුකිරීමට සිදුවීම ඊට හේතුවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව