More

    ගෑස් සිලින්ඩරයක මිල රු.3300 ක් දක්වා ඉහළ දැමීමට සමාගම් සැරසෙයි.

    Must read

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3300 ක් වැනි අගයකට ‌අළෙවි කිරීමට ගෑස් සමාගම් යෝජනා කර තිබෙනවා. ඔවුන් ඉල්ලා ඇත්තේ මේ මොහොතේ පවතින තත්ත්වය අනුව කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් රු.1800 න් ඉහළ දැමිය යුතු බවයි.

    මේ වන විට කිලෝ 12.5 ක ලාෆ් වර්ගයේ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රු. 1893 යි. ඒ අනුව එම සිලින්ඩරයක මිල රු.1800 න් ඉහළ ගියහොත් නව මිල 3650 ක් දක්වා ඉහළ දැමෙනු ඇති.

    සමාගම්වල යෝජනා ක්‍රියාත්මක වුවහොත් ලිට්රෝ කිලෝ 12.5 ක සීන්ඩරයක මිලද රුපියල් 3300 ක් දක්වා ඉහළ යනු ඇති බව වෙළදපොළ ආරංචි පැවැසුවා.

    ගෑස් මිල වැඩි කිරීම සම්බන්දයෙන් ඊයේ පැවැති සාකච්ඡාද තීරණයකින් තොරව අවසන් වූ බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා තිබෙන්නේ.

    ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන්ද සමාගම් ඒකාධිකාරි ලෙස කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන අතර, එම තත්ත්වය පාලනය කිරිමද ඉතා අපහසු කටයුත්තක් බවට පරිවර්තනය වී තිබෙනවා.

    වෙළදපොල හා පාරිභෝගික සංගම් පෙන්වා දෙන්නේ රජයට පාලනය කළ නොහැකි තරමට සමාගම් ක්‍රියාත්මක වුවහොත් සෙසු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිලද පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව