More

    මමත් ඔයා එක්කම එන්නම් – ඒත් ඔයා ඉස්සර වෙන්න – කරූ සජිත්ට කියයි.

    Must read

    කරූ ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනා පසුගියදා නාරාහේන්පිට අභයාරාමයට පැමිණියේ ගරු – විදුහල්පති වැටුප් ගැටළුව මත පදනම්ව කැදවා තිබූ සර්ව පාක්ෂික හමුවට සහභාගීවීම සදහායි. වෙන් වෙන්ව පැමිණියත් ඔවුන් දෙදෙනාම එකම මොහොතේ විහාරස්ථානයට පැමිණි ආකාරයක් නිරීක්ෂණය වුණා. ඒත් සමගම කරූ උණුසුම්ව පිළිගත් සජිත් පැවැසුවේ සාකච්ඡාව විහාරස්ථානයේ ඉහළ මාලයේ පැවැත්වෙන බවයි.

    කොහොමද කතානායකතුමා යනුවෙන් සජිත් කරූට ආමන්ත්‍ත්‍ කළ අතර, කරූද සජිත්ට ආදරණීය ලෙස ආමන්ත්‍රණය කරනු දක්නට ලැබුණා.

    පඩිපෙළ දිගේ ඉහලට නගින කරූ සජිත්ගේ කරට අතදමා ගත්තේ වාරු ගැනීම සදහායි. එහෙත් කරූ හිටියේ සජිත්ගේ පසුපසිනි.

    එහිදී සජිත් කීවේ එන්න කතානායකතුමා අපි දෙන්නම යමු යැයි කියාය. එහෙත් කරූගේ පිළිතුර වූයේ යමු යමු ‌මං පස්සෙන් එන්නම් ‌යනුවෙනි. සජිත් එය අනුමත නොකල අතර, සජිත් නැවතත් කීවේ නෑ නෑ ඔබතුමා මාත් එක්කම එන්න ‌යනුවෙනි.

    හරි හරි “මම ඔබතුමා එක්කම එනවා. ඔබතුමා ඉස්සරවෙන්නකෝ….. මම පිටිපස්සෙන් එන්නම්” යනුවෙන් කී කරූ නැවතත් සජිත්ගෙන් වාරු ගෙන පඩිපෙළ ඉහළට නගින ආකාරය මාධ්‍යවේදීන් ඇතුළු කිහිපදෙනෙකු නිරීක්ෂණය කළේය.

    ඇතැමුන් කීවේ ඔය පඩිපෙළ නගින ලෙසම ඉතුරු ගමනටත් දෙන්නම එකට සෙට් වෙයි…. ඔන්න බලන්නකෝ යනුවෙනි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව