More

    ආනන්ද හිමියට ලොකු පුටුවක් – තෑග්ග ගන්නැයි දුරකතන ඇමතුම්.

    Must read

    නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත වැදගත් තනතුරක් ලබාදීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු දැනගන්නට ලැබෙනවා. විශ්ව විද්‍යාල උපකුලපති ධූරයක් සදහායී උන්වහන්සේගේ නම යෝජනා වී තිබෙන්නේ.

    මේ යෝජනාව සම්බන්ධයෙන් මුලින්ම ආනන්ද හිමියන් දැනුම්වත් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්. සමාජ හා ශාසනික මෙහෙවර පිළිබද ඇගැයීමක් සිදුකිරිමට ඔබ වහන්සේට මෙවැනි තනතුරක් ලබාදීමට තීරණය කළා යැයි ජනාධිපතිවරයා ආනන්ද හිමියන්ට දැනුම් දී තිබෙනවා.

    එමෙන්ම මෙම තොරතුර සැල වීමත් සමග ආනන්ද හිමියන්ට විවිධ පුද්ගලයින් ඇමැතුම් ලබාදී ඇති බවත්, අදාල තනතුර බාරගන්නා ලෙස ඔවුන් ඉල්ලා ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

    කෙසේ වෙතත් මෙවැනි කාරණයක් මතු වූයේ නාරාහේන්පිට අභායාරාම විහාරස්ථානයේදී ගුරු – විදුහල්පති වැටුප් ගැටළුව මුල් කරගනිමින් සර්පාක්ෂික සමුළුවක් පැවැත්වීමෙන් අනතුරුවයි. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව රැසක් සමගින් මෙම සමුළුව පවත්වා තිබූ අතර, එහි මුලසුන ගෙන තිබුණේද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින්.

    ඊට විපක්ෂ නායක, හිටපු ජනපති මෛත්‍රී, හිටපු කතානායක කරූ ඇතුළු පාර්ශව ගණනාවක් සහභාගී වූ අතර, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද ඊට මැදිහත්වීම ආණ්ඩුවේ යම් දෙදරීමක් ඇති කිරිමටද හේතු වී තිබුණා.

    විපක්ෂය පෙන්වා දෙන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට කිසියම් හෝ තනතුරක් මේ මොහොතේ ලබාදෙන්නේ නම්, එහි අරමුණ උන්වහන්සේ නිහඩ කිරීම පමණක්ම වන බවයි. එවැනි තනතුරක් ලබාදීමට මෙතෙක් කලක් බලා සිටියේ ඇයිද යන්නද විපක්ෂයේ විමසීම වී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව