More

    වීඩියෝ ගේම් ගැහිල්ල ඉවරයි.

    Must read

    දරුවන් කෙරෙහි අවදානය යොමු කරමින් වීඩියෝ ක්‍රීඩාවල නිරතවීමේ අවස්ථාව සීමා කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. සතියට පැය තුනකට වඩා වැඩි කාලයක් අන්තරජාල වීඩියෝ ක්‍රීඩාවල නිරතවීමට නව නීති යටතේ ඉඩ ලැබෙන්නේ නැහැ.

    සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ළමයින්ට අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා ඉඩ නොලැබෙන බවත්, සිකුරාදා සිට ඉරිදා දක්වා රාත්‍රී 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පමණක් ඒ වෙනුවෙන් අවස්ථාව උදා කිරීමටත් තීරණය කර තිබෙනවා.

    මෙම තහනම සියලුම වීඩියෝ ක්‍රීඩා සඳහා අදාළයි. වයස අවුරු 18 ට අඩු දරුවන්ටයි මෙම සීමාව පනවා තිබෙන්නේ.

    නව නීතිය යටතේ ජංගම දුරකථන, ඇතුළු සියලු උපාංගවලින් වීඩියෝ ක්‍රීඩා සදහා පිිවිසීමට ඇති අවස්ථා මෙලෙස සීමා කර ඇති අතර, චීනය පවසන්නේ බාලවයස්කරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම මෙම තීරණයේ මූලික අරමුණ වන බවයි. චීනයේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය කෙරෙහි දරුවන්ගේ මානසිකත්වය යොමු කිරිම එහි තවත් අපේක්ෂාවක්.

    නව වැඩපිළීවෙල යටතේ දරුවන්ගේ මානසික සංවර්ධන වැඩි දියුණු කිරීම සදහා නව ක්‍රමෝපායන් හදුන්වාදිමටද පියවර ගනිමින් නව වැඩපිළිවෙල සම්පාදනය කර තිබීමද විශේෂත්වයක්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව