More

    සුදු වෑන් භීතියක් ගැන තුෂාන්ගෙන් පැමිණිල්ලක්.

    Must read

    නාඳුනන පිරිසක් සුදු වෑන් රථයකින් පැමිණ තම නිවස අසල සැකකටයුතු හැසිරුණැයි කියමින් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා කිරුළපන පොලිසියට පැමිණි කර තිබෙනවා. මෙය තමන්‌ට බලවත් තර්ජනයක් ලෙස ‌හැගී යන්නේ යැයිද ඔහු පවසනවා.

    තම නිවසට පිටුපසින්වැටී ඇති මාර්ගයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ එම සැකකටයුතු සුදු වෑන් රථය පැමිණ ඇති බවයි ඔහු පොලිස් පැමිණිල්ලේ සදහන් කර තිබෙන්නේ.

    මේ අතර තම ජීවිතයට තර්ජනයක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත්, මේ දක්වා ඊට අදාලව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද ඔහු පෙන්වා දෙන කාරණයයි.

    සුදුළුෑණු වංචාවක් සතොස ආයතනය තුළ සිදුවූ බව හෙළිදරව් කිරීමත් සමගයි තුෂාන් ගුණවර්ධන පිළිබද සංවාදය සමාජගත වූයේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව