More

    මහේල නැවත් ශ්‍රී ලංකා පිලට එක්වෙයි.

    Must read

    මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු ලෙස එක් වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඕමාන තරග සංචාරයෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් වෙත පැමිණියා. ඒ පන්දුවාර 20 -20 ලෝක කුසලානයට සහභාගී වීමටයි. එම තරගාවලියේ සිටම මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

    දින 14 ක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි ඔහුගේ උපදේශකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට නියමිත බවත්, දීර්ඝකාලීනව එම කටයුත්තේ නිරත වන්නේද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

    ක්‍රිකට් පුහුණුකරුවෙකු වශයෙන් ලොව පුරා කීර්තියක් අත්කරගෙන සිටින මහේල ඉන් අනතුරුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු වශයෙන් ද කටයුතු කරනු ඇි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මූලික කර ගනිමින් මහේල යොවුන් කණ්ඩායම සමගින් එක්වීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වුණේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව