More

    තෙල් මිලත් ලබන සතියේ සිට ඉහළට ?

    Must read

    ඉන්දන මිල ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙකු පැවැසුවේ ඩීසල් ලීටරයක මිල රුපියල් 18 න් සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 9 න් ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇති බවයි.

    එම ප්‍රමාණවලින් ඉහළ දැමුවද පාඩුව පියවා ගත නොහැකි බවද ඔහු පැවැසුවා.

    මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසා සිටියේ, සංස්ථාව මේ වන විට පාඩු ලබන බැවින් ඉන්ධන මිල ඉහළ දැමිය යුතුව ඇති බවයි.

    “අගෝස්තු 31 වෙනිදා වෙන විට ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇතැයිද මෙම පාඩුව මගහරවා ගන්න නම් ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යාවශ්‍ය බවද ඔහු පැවැසුවා. ඒ සම්බන්ධයෙන්ම අවදානය යොමුකරන්නැයි රජය දැනුම්වත් කිරිමට පියවර ගත් බවද සභාපතිවරයා පැවැසුවා.

    ඩීසල් ලීටරයකින් රු. 31 ක හා පෙට්ට්‍රල් ලිටරයකින් රු. 15 ක අලාභයක් විදීමට සංස්ථාවට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව