More

    අගමැති දෙවරකදී දෙන්නම් කියයි – ගුරුවරු එකවරම ඉල්ලයි.

    Must read

    ගුරු වැටුප් ගැටළුව අදියර දෙකකින් විසදන බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද ගුරු සංගම් ‌සමග පැවැති සාකච්ඡාවේදී පොරොන්දු වුණා. මීට පෙර ඉදිරිපත් වී තිබුණේ එම ගැටළුවට අදියර තුනකින් විසදුම් ලබාදීමටයි.

    කෙසේ වෙතත් අද පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා පැවැසුවේ 2022 ජනවාරි හා 2023 ජනවාරි ලෙස අදියර දෙකකින් වැටුප් ගැටළුව විසදන බවයි.

    කෙසේ වෙතත් ගුරු සංගම් නියෝජිතයින් ඊට එකවර එකගතාව පලකර නොමැති අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ‌ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවැසුවේ ගුරු සංගම් හෙට දිනයේදී රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

    ඉන් අනතුරුව අගමැතිවරයාගේ යොජනාවට එකග වන්නේද නැද්ද යන්න ප්‍රකාශයට පත්කර බවද ස්ටාර්ලින් මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව