More

    බැංකු ගිණුම්වල රහස් තොරතුරු පිට වෙයි.

    Must read

    විවිධ පුද්ගලයින්ගේ බැංකු කාඩ්වල අංක යොදා ගනිමින් සිදුකර මහාපරිමාණ වංචාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. බැංකු වෙතින් ලැබුනු පැමිණිලි පදනම් කරගනිමින් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

    විවිධාකාරයෙන් බැංකු කාඩ්වල රහස් අංක ලබාගන්නා මෙම පුද්ලගලයින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කිරීමටත්, පසුව ඒ්වා අඩු මිලට විකුණමින් මුදල් ඉපැයීමටත් පියවර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ විවිධ පුද්ගලයින් 100 ට වැඩි පිරිසකගේ බැංකු කාඩ්වල රහස් අංක ලබාගෙන වංචා සිදුකර ඇති බවත්, ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමට ඔහු සමත් වී ඇති බවත් පොලිසිය පැවැසුවා.

    එමෙන්ම ඉන්ස්ට්‍රග්‍රෑම් ඔස්සේ මුදල් වංචා කරන කල්ලියක් ක්‍රියාත්මක බවද එබැවින් බැංකු ගිණුම්, රහස් අංක හා විස්තර ආරක්ෂ කරගැනීමට පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව