More

    සනසයි නම් ලදුන් – ඒ ඉතිං මැටි උදුන්.

    Must read

    ගෑස් මිල දෙගුණයකින් වැඩිවීමත් සමග මැටි උදුන් භාවිතය ඉහළ යමින් තිබෙනවා. කොළඹ වැනි නාගරික ප්‍රදේශවලද මේ තත්ත්වය දැක ගත හැකියි.

    විශේෂයෙන්ම ගෑස් දැල්ලට සමාන ලෙස දහනය වන දියුණු කළ මැටි උදුන් කෙරෙහි ජනතාවගේ අවදානය යොමු වී ඇති අතර, ඒවාට අවශ්‍ය දර කැබැලිද වෙළදපොලෙන් මිලදී ගත හැකියි. මේ පහසුකම් කෙරෙහි අවදානය යොමුකරමින් ගෑස් වෙනුවට හෝ ගෑස් අවම කරගැනීම සදහා හෝ මෙම මැටි උදුන් භාවිතය මේ වන විට ජනප්‍රිය වී තිබෙනවා.

    එමෙන්ම දියුණු කරන ලද මැටි උදුන් කෙරෙහි විශේෂ අවදානයක් යොමු වුවද මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඒ කෙරෙහි වැඩි අවදානයක් යොමු වී ඇති අතර, එය අලුත් තත්ත්වයක් ලෙසද හදුනාගත හැකියි.

    මේ අතර මැටි උදුන් නිෂ්පාදකරුවන්ද සිය නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ‌එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ ගෑස් හෝ විදුලිය වෙනුවට ඉතා පහසුවෙන් යොදා ගත හැකි ක්‍රමවේද රටතුළ නිෂ්පාදනය වී තිබුණද ඒවා ජනගත කිරීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

    එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූයේනම්, ගෑස් මිල වැඩිවීම රජයට හෝ ජනතාව‌ට ගැටළුවක් නොවන බවද මැටි උදුන් නිෂ්පාදකයින් පෙන්වා දෙන කාරණයයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව