More

    කුඩු හිගයක් – ඉන්දියාවෙන් හදිසි සැපයුම්.

    Must read

    ශ්‍රී ලංකාවේ උග්‍ර මත්කුඩු හිගයක් නිර්මානය වී තිබෙනවා. ඇෆ්ගන්, පාකිස්තාන් හා ඊට ආසන්න දේශසීමා ඔස්සේ කුඩු ප්‍රවාහනයට බාධා මතු වීම ඊට හේතුවයි. කෙසේ වෙතත්මි මෙම තත්ත්වය තුළ ඉන්දියාව ඔස්සේ කුඩු රැගෙන ඒ‌මේ ක්‍රියාවලියක් දියත් වෙමින් තිබෙන බවයි බුද්ධි අංශ අනාවරණ කර තිබෙන්නේ.

    ධීවර යාත්‍රා කුඩු ප්‍රවාහනයට යොදා ගන්නා බවද තහවුරු වී තිබෙනවා. එමෙන්ම මත්කුඩු මිල පස්ගුණයකින් ඉහළ ‌ගොස් ඇති අතර, ග්‍රෑම් ගණනින් පවා ඉන්දියා‌වේ සිට මත්කුඩු ගෙන ඒමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද හදුනාගෙන තිබෙනවා. කුඩු කිලෝව, දෙක රැගෙන ඒම මේ වන විට සැලකෙන්නේ මහාපරිමාණ ව්‍යාපාරයක් ලෙසයි.

    ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සිදුකරන මෙහෙයුම් හේතුවෙන් පාකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන් දේශසීමා ඔස්සේ මත්කුඩු ප්‍රවාහනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. එබැවින් මාස කිහිපයක සිට මෙරට තුළ මෙන්ම ඉන්දියාවේද ඇත්තේ උග්‍ර මත්කුඩු හිගයක්. මේ වන විට කුඩු ග්‍රෑම් 01 ක මිල රු. පනස්දහස (50000) ඉක්මවා ගොස් ඇති බවද අනාවරණ වී තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව