More

    තමිල්නාඩු විරෝධතා මැද – යොහානි ගැයූ ගීතයක් මකා දමයි.

    Must read

    යොහානි ද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් ප්‍රසිද්ධ නොකිරීමට ඉන්දීය සංගීත අධ්‍යක්ෂ හැරිස් ජෙයරාජ් තීරණය කර තිබෙනවා. තමිල්නාඩුවෙන් විරෝධතා එල්ලවීම ඊට හේතුවයි.

    යොහානි ද සිල්වාගේ පියා ශ්‍රී ලංකා හමුදාවේ උසස් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවත්, ඔහු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විනාශ කිරීමට උපරිමයෙන් කැප වූ පුුුද්ගලයෙකු වන බැවින්ද යොහානිට ඉන්දීය ජනතාව උසස් ලෙස සැලකීමක් සිදුනොකළ යුතු බව තමිල්නාඩු විරෝධතාකරුවන්ගේ මතයයි.

    හැරිස් ජෙයරාජ් යනු තමිල්නාඩු ජනතාවගේ ආදරය දිනාගත් සංගීත අධ්‍යක්ෂවරයෙක් වන අතර, ඔහු යොහානී ගායනා කරන ලද ගීතය අධ්‍යක්ෂණය කිරීම හේතුවෙන් තමිල්නාඩු විරෝධතා උත්සන්න වී තිබෙනවා.

    අප ඔබට ගරු කරන්නේ මෙවැනි දේ සිදුකිරීමට නොවන බව ඔවුන් ජෙයරාජ් වෙත අවධාරණයෙන් පවසා ඇතැයිද සදහන්.

    මේ තත්ත්වය තුළ යොහානි ඉන්දියාවේදී ගායනා කරන ලද එම ගීතය මේ මොහොතේ ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව