More

    ගුරු වර්ජනයට විසදුම් – රජයෙන් අලුත් ගුරුවරු.

    Must read

    රාජ්‍ය සේවයට බදවා ගත් උපාධිධාරීන් 18000 ක් ගුරු සේවයට අනුයුක්ත කර ඇති බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසුවා. ඔවුන්ගේ සේවය ලබන 21 දා සිට අපේක්ෂා කරන බවද, ඔවුන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය දෙන්නේ නම්, ඔවුන් සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට සිදුවන බවද ඇමැතිවරයා පැවැසුවා.

    මේ අතර සේවයට වාර්තා නොකරන ගුරුවරුන්ගේ මාසික වැටුප් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමටද සිදුවන බවයි ඇමැතිවරයා අවධාරණය කළේ.

    ලබන 21 දා විවෘත කරන සෑම පාසලකටම ‌විශේෂ ආරක්ෂාවක් සලසන්නැයි ආරක්ෂක අංශවලට දැනුම්දුන් බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවැසුවා. පාසල් අධ්‍යාපන කටයුතු සදහා වර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් යම් බලපෑමක් සිදුකිරීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින් මෙවැනි ආරක්ෂාවක් යෙදවීමට තීරණය කළ බවයි ඇමැතිවරයා පැවැසුවේ.

    ජෝෂප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින් අද පැවැසුවේ සිය වැටුප් ගැටළුව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණය සමග එකගවිය නොහැකි බවයි. එබැවින් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද ඔවුන් අද අවධාරණය කළා.

    කෙසේ වෙතත් රජයේ තීරණ අනුමත කරන වෘත්තීය සමිති නියෝජනය කරන ගුරු හා විදුහල්පතිවරු ලබන 21 දා සිට සේවයට වාර්තා කිරීමටද තීරණය කර තිබෙනවා.

    මේ අතර ඇතැම් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ජෝෂප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ ඇතුළු පිරිස නියෝජනය කරන වෘත්තීය සමිති කඩාකප්පල්කාරී බලවේගයක් විසින් මෙහෙයවන්නේදැයි සැකයක් මතුවන බවයි. එම බලවේගය වහාම ක්‍රියාත්මක වන පරිදි හදුනාගත යුතු බවද රජයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතවරියක වන වසන්තා හදපාන්ගොඩ මහත්මිය අවධාරණය කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව