More

    ගුරුවරුන්ට පඩි මදි – ඔවුන්ට වැඩි පඩියක් දිය යුතුයි – වර්ජකයින්ට අනතුරුත් අගවයි.

    Must read

    ගුරුවරුන්ට වැඩි වැටුපක් හිමිවිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඔවුන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බවද පැවැසූ වීරසේකර මහතා අවධාරණය කළේ වර්තමානයේ ක්‍රියාත්මක වර්ජනය සාධාරණ නොවන බවයි.

    එමෙන්ම උතුරේ පාසල්වලද කොළඹ පුද්ගලික පාසල්වලද නිසි ලෙස අධ්‍යාපන කටයුතු සිදුවෙන බවත්, පවතින තත්ත්වය තුළ දකුණේ සිසුන්ට පමණක් බරපතල අසාධාරණයක් සිදුව ඇති බවත් ඔහු පවසනවා.

    එමෙන්ම වෘත්තීය සමිති නායකයින් යැයි කියා ගන්නා සුළු පිරිසක් මේ සියල්ල කඩාකප්පල් කරමින් සිටින බවද පැවැසූ වීරසේකර මහතා අවධාරණය කළේ 21 දා සිට සේවයට පැමිණෙන ගුරුවරුන්ට කිසියම් බාධාවක් සිදුකළොත් එම කණ්ඩායම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව