More

    දැනටමත් මරණ දෙකක් – දරුවන් අභියසට මාරාන්තික අනතුරක්?

    Must read

    කොරෝනා ආසාදනයවීමෙන් පසු දරුවන්ට ඇතිවන “මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම්” නැමති රෝගී තත්ත්වයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතායි මේ බව පැවැසුවේ.

    ඒ සම්බන්ධයෙන් ඔහු මෙලෙස කරුණු පැහැදිලි කළා.

    “පසුගිය දින පහ ඇතුළත මේ රෝගය වැළඳුන දරුවන් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස මියගියා. මේක තමයි බැරෑරුම් තත්ත්වය. ලෝකය පුරාම මේ තත්ත්වය අපි දකිනවා. කොරෝනා රැල්ලකට පසුව  “මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම්” රැල්ලක් බොහෝ රටවල දක්නට ලැබිලා තියෙනවා.

    මේ තත්ත්වය අපි හඳුනාගත යුතුයි. එහි වැදගත්කම වන්නේ මෙයට බෙහෙත් තියෙනවා. අපි කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදුන්නොත් රෝගීන් ගළවා ගැනීමට හැකියාව තියෙනවා.

    නිසිකලට නිසි ප්‍රතිකාර නොලැබුණොත් රෝගීන් මියයනවා. මේ රෝගයේ දී සිද්ද වෙන්නේ කොරෝනා රෝගයට විරුද්ධව අපේ ඇඟේ හැදෙන ප්‍රතිදේහ අපේ ම ඇඟේ අවයවවලට විරුද්ධව ක්‍රියාකාරී වීමයි. එහි බැරෑරුම් ම තත්ත්වය තමයි හෘදය වස්තුවට විරුද්ධව ක්‍රියාකාරී වෙලා හෘද වස්තුව අකර්මණ්‍ය වෙලා රුධිර පීඩනය අඩුවෙලා ඒ දරුවන් මියයනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව