More

    දින 05 ට සංචරණ සීමා දැඩි කරයි – ආසාධිතයින් වාර්තාවන ප්‍රදේශ හුදෙකලා කිරීමට තීරණයක්.

    Must read

    පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමටත් එදින අලුයම සිට එම සීමා ඉවත් කිරීමටත් රජය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් 21 දා දක්වා ඉතා දැඩිව සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමටයි කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර තිබෙන්නේ. 

    ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවලට නියෝග කර තිබෙනවා.

    මේ අතර කොරෝනා ආසාධිතයින් වාර්තාවන ප්‍රදේශ ක්ෂණිකවම හුදෙකලා කිරීමටත්, වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගැනීමටත් අද පැවැති සාකච්ඡාවේදී තීරණය කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව