More

    ඩයනාගේ දිග කතාවට – අගමැතිගෙන් කෙටි හිනාවක්.

    Must read

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගයෙන් නෙරපීම සම්බන්ධයෙන් වූ සංවාදයේ උණුසුම මේ දක්වා නිවී ගොස් නැහැ. ඇය මේ පිළිබද පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයද ඉතා දැඩි සංවාදයක් නිර්මාණය කිරීමට හේතු වුණා.

    මේ අතර පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට ගිය ඩයනා ගමගේ මහත්මිය සිය දුක්ගැනවිල්ල අගමැතිවරයා වෙත ද ඉදිරිපත් කළා. ඒ අවස්ථාව වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද එහි සිටි බවටයි තොරතුරු වාර්තා වුණේ.

    ඩයනා පවසා ඇත්තේ බලන්නකෝ සර්, මං වැස්සට ගෙට ගත්තු අය මට කළ වැඩේ යැයි කියාය. ඇය සිය පක්ෂය සජිත් පාර්ශවයට ලබාදීමේ සිට මේ දක්වා වූ දීර්ඝ කතාව එකදිගට පවසන්නට විය. අගමැතිවරයා ද එය අසා සිටියේ විනෝදයට වගේය.

    කතාවේ අවසානය ලංවිය. ඩයනා කීවේ ගෙට ආව අය දැන් අලුත් ඉබ්බෙකුයි යතුරකුයි දාගෙන තමන්ට පාට් දමන බවය. බලමුකෝ මේ අයගෙ සෙල්ලම් නේද යැයි කියා ඇය දීර්ඝ කතාව අවසන් කළ අතර, අගමැතිගෙන් ලැබුණු ප්‍රතිචාරය ඉතා කෙටි සිනාවකට පමණක් සීමා වූ බවයි එම ආරංචි පැවැසුවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව