More

    මුව ආවරණයකින් රු. 2 ක කොමිස් මුදලක් ගත් බව බන්දුල කලින්ම කියලා.

    Must read

    කොරෝනා සමය තුළ මුව ආවරණවලින්ද ගසා කන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු වන රංජිත් විතානගේ මහතා මීට දින කිහිපයකට පෙර අනාවරණයක් කර තිබුණා. මෙම චෝදනාව සෘජුවම එල්ල වූයේ ඇමැති බන්දුල ගුණවර්ධනටයි.

    ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සදහා මුව ආවරණ මිලදී ගැනීමේදී එක් මුව ආවරණයකින් රු.2 බැගින් කොමිස් ලබාගෙන ඇති බවයි විතානගේ මහතා පවසන්නේ. එම කොමිස් මුදල් ප්‍රඥා බන්දු නැමැති බන්දුල ගුණවර්ධනට අයත් අරමුදලකට බැරවී ඇතැයිද ඒ බව ඔප්පු කිරීමට සියළු සාක්ෂි තමන් සතුව ඇති බවද විතානගේ මහතා පැවැසුවා.

    ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් මෙලෙස මුව ආවරණ මිලදී ගෙන ඇත්තේ සතොස හරහා මහජනතාවට අළෙවි කිරීම සදහායි.

    මෙම වංචාව පිළිබද සියළු තොරතුරු සහිතව අල්ලස් කොමිෂම ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත පැමිණිලි කිරීමටද රංජිත් විතානගේ මහතා පියවර ගත්තා.

    මෙම මුව ආවරණ අළෙවියෙන් රුපියක් දෙකක මුදලක් ප්‍රඥා බන්දු අරමුදලට බැරකළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර පිළිගෙන තිබුණා.

    එසේ වුවද ඇමැතිවරයා දැන් පවසන්නේ එවැනි ආකාරයේ මුදලක් ප්‍රඥා ප්‍රදීප අරමුදලට බැර නොකළ බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව