More

    රංජන්ට ඇති වූ පුදුම ආශාව.

    Must read

    තමන් වෙත ලිපි ලියා එවන්නැයි අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රංජන් රාමනායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ඔහුගේ සුවදුක් බැලීමට ගිය වැලිගම හිටපු නගරාධිපති රෝහාන් ජයවික්‍රම මහතා මගින් මෙම පණිවුඩය සමාජ ගත කිරීමටයි රංජන් රාමනායක මහතා පියවර ගෙන තිබෙන්නේ.

    රොහාන් ජයවික්‍රම මහතා පැවැසුවේ රංජන් රාමනායක මහතා හොද සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් ඔහුට හොදින් සලකන බවද ජයවික්‍රම මහතා පැවැසුවා.

    එමෙන්ම රංජන් රාමනායක මහතා විශේෂ ඉල්ලීමක් සිදුකළ බවත්, තමන් වෙත ලිපි ලියා එවන්නැයි ආදරණීයන්ගෙන් ඉල්ලීමක් කළ බවද ජයවික්‍රම මහතා පැවැසුවා. මුහුණු පොත ඔස්සේ හෝ ඔහු අමතන ලෙසද ඒ සෑම ලිපියක්ම, පණිවුඩයක්ම කියවීමට තමන් කැමැත්තෙන් සිටින බවද රංජන් රාමනායක මහතා පවසා තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව