More

    ජනපතිගෙන් කුඩම්මාගේ සැලකිළි – තීරණයකට විමල්, වාසු, ගම්මන්පිල හදිසියේ හමුවෙයි.

    Must read

    යගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් හා එමගින් ඇති විය හැකි බලපෑම් පිළිබද සාකච්ඡා කිරිම සදහා ජනාධිපතිවරයාගෙන් ආණුඩුවේ හවුල්කාර පක්ෂ අවස්ථාවක් ඉල්ලා තිබුණා.

    කෙසේ වෙතත් දේශපාලන ආරංචි පවසන්නේ එවැනි සාකච්ඡාවක් සදහා අවස්ථාවක් ලබානොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

    ඒ සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නා ලෙසද ජනාධිපතිවරයා හවුල්කාර පක්ෂවලට දැනුම් දී ඇති බවද එම ආරංචි පැවැසුවා.

    කෙසේ වෙතත් විමල්, ගම්මන්පිල, වාසු, දයාසිරි, ඇතුළු හවුල්කාර පක්ෂ නියෝජිතයින් දිගින් දිගටම පැවැසුවේ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ගැටළුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර විසදා ගැනීමට අපේක්ෂා කරන බවයි

    එමෙන්ම එවැනි සාකච්ඡාවක් ලබානොදීම හේතුවෙන් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි තීරණය කිරීමට අද හවුල්කාර පක්ෂවල නායකයින් හා නියෝජිතයින් කොළඹදී හමුවී සාකච්ඡා කිරීමටද තීරණය කර තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව