More

    සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පෝලිමට අස්වෙයි – අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට.

    Must read

    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රැසක් මන්ත්‍රීධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. පසුගියදා පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත මේ බව එම මන්ත්‍රීවරුන් විසින් දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඒ ඒ පළාත්වවල මහඇමැති තනතුරු සදහා ඉදිරිපත් වීම ඔවුන්ගේ මෙම තීරණවල අරමුණයි.

    ඒ අනුව නලින් බණ්ඩාර මහතා වයඹ මහඇමැති ධූරයටත්, මයන්ත දිසානායක මහතා මධ්‍යම මහඇමැතිධූරයටත් සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතයි.

    එමෙන්ම හේෂා විතානගේ මහතා සබරගමුව පළාත් මහඇමැති ධූරයට ඉදිරිපත් වීමට කැමැත්ත පලකර තිබෙනවා. පළාත් සභා 09 සදහාම මහ ඇමැති තනතුරු සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 09 දෙනෙකු ඉදිරිපත් කිරිම සමගි ජනබලවේගයේ සැලසුමයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව